හෙට සිට පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි!

හෙට (15) සිට රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සතියේ දින පහම සාමාන්‍ය අයුරින් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කර ඇත.

ප්‍රවාහන පහසුකම් අඩුවීම හේතුවෙන් ගැටලුවලට මුහුණදෙන සිසුන් සහ ගුරුවරුන් සම්බන්ධයෙන් සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස මේ වන විට විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ අනුව රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සතියේ දින 05ම සාමාන්‍ය පරිදි පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

Exit mobile version