සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු හෙට (09) සිට යළි ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එක් දින සේවය හෙට දිනයේ දී ආරම්භ නොවන බවයි. ඒ අනුව හෙට දිනයේදී පසුගිය 05, 06 සහ 09 යන දිනවලදී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීමට වේලාවක් වෙන්කර ගත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් භාර ගන්නා බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එසේම, සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් භාරදීමට පැමිණ දෙපාර්තමේන්තුව වෙතින් පසුගිය 05 වනදා අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ද හෙට දිනයේදී බාර ගැනීමට කටයුතු කෙරෙනවා.
අනිද්දා (10) සිට ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර භාර දීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්ය වන අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් හෝ 0707 10 10 60 යන දුරකථන අංකය අමතා දිනයක් හෝ වේලාවක් වෙන් කරගත හැකියි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු පසුගියදා තාවකාලිකව අත්හිටවනු ලැබුවේ පරිඝණක පද්ධතියේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන්.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එක් දින සේවය ද යළි ආරම්භ කිරීම සඳහා මේ වන විට තාක්ෂණික කාර්ය මණ්ඩලය යුහුසුලුව ක්‍රියා කරමින් සිටින බවයි.