හෙට සිට හිස්වන තැපැල්පති ධුරය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ වසර හතර හමාරකට අධික කාලයක් තැපැල්පතිවරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වන රංජිත් ආරියරත්න මහතා හෙට (03) දින සිට නව තනතුරක වැඩ බාරගැනීමට නියමිතව ඇත.

ඒ අනුව ඔහු හෙට සිට වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධුරය සදහා පත්කර තිබේ.

හෙට (03) උදෑසන ඔහු සිය නව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇති බව සඳහන් වේ.

කෙසේ නමුත් වාර්තා වන අයුරින් රංජිත් ආරියරත්න නව තනතුරට පත් කිරීමෙන් හිස් වන තැපැල්පති ධුරය සඳහා මේ වන තෙක් අනුප්‍රාප්තිකයෙක් පත්කර නැහැ.

Exit mobile version