හෙට (17) සිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ.
ඒ අනුව හෙට (17) දිනයේ දී බස්නාහිර සහ දකුණ යන පළාත් වලත් ,අනුරාධපුරය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් එන්නත් ලබා දීම ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.
එමෙන් ම මේ වන විට ෆයිසර් එන්නත් පාසල් සිසුන් ලක්ෂ 10කට පමණ ලබා දී අවසන් බවත්, පුද්ගලයින් 120, 485 දෙනෙකුට මේ වන විට බූසටර් එන්නත වශයෙන් ෆයිසර් මාත්‍රා ලබා දී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.