හෙට (09) දිනයේ බස්නාහිර පළාත තුළ එන්නත්කරණය සිදුවන ස්ථාන

බස්නාහිර පළාත් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් හෙට (09) දිනයේදී බස්නාහිර පළාත ආවරණය වන පරිදි එන්නත් කරන ක්‍රියාවලිය සිදු වන බව සදහන් කර තිබෙනවා.  අදාළ ස්ථානද එම නිවේදනයේ සදහන් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වල අවුරුදු 20-30 වයස් කාණ්ඩයට පහත පරිදි එන්නත් ලබා දීම සිදු කෙරේ. අදාල ස්ථාන නිවේදනය තුල සදහන් වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ  ස්ථාන 27 ක්,  ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 47ක්,  කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන 35 ක ද එන්නත්කරණය සිදු වේ. ඒ අනුව හෙට දිනයේ බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශයට අයත් ස්ථාන 109 දී මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.;

ඒ අනුව බස්නාහිර පළාතේ ස්ථාන 109 කදී හෙට (09) දිනයේදී එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වේ.

Exit mobile version