හෙට (27) සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි.

හෙට (27) සිට ජුලි මස 3වනදා දක්වා දිනකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 කාලයක් විදුලි විදුලිය කපා හැරේ.

නමුත් ජූලි 2 සහ 3 දිනයන් හැර සෙසු දිනවල CC කාණ්ඩයට අයත් ප්‍රදේශ වලට විදුලිය කප්පාදු කෙරෙන්නේ පෙරවරු 6.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 2ක කාලයක් පමණි.

එසේම ජූලි 2 සහ 3 දින හැර සෙසු දිනවල M,N,O,X,Y,Z කාණ්ඩාය සඳහා උදෑසන 5.00 සිට 8.00 දක්වා පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව සදහන් වේ.

Exit mobile version