හෙණයක් කළ හදියක්

නවගත්තේගම පොලිස් වසමේ කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක බිම් සකස් කරමින් සිටි තිදෙනෙකුට අකුණුසැර වැදී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත් වී තිබේ.

ඒ අනුව මෙලෙස අකුණු සැර වැදී ජිවිතක්ෂයට පත් වී තිබෙන්නේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත ඒකකයේ සේවය කළ වයස අවුරුදු 39ක් වූ කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි W.M.සුජිත් කුමාර නමැති එක්දරු පියෙකි.

එසේම අකුණු සැර වැදුණු අනෙක් දෙදෙනා කාන්තාවන් වන අතර එක් කාන්තාවක් මියගිය පුද්ගලයාගේ බිරිඳ වන බවත්, අනෙක් කාන්තාව අසල්වැසි කාන්තාවක් වන බවත් වාර්තා වේ.

තවද අනතුරට පත් වූවන් 1990 ගිලන් රථයකින් ගල්ගමුව රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මෙම පුද්ගලයා මියගොස් තිබේ. මේ අතර රෝහල්ගත කළ මියගිය පුද්ගලයාගේ බිරිඳගේ තත්වය ද බරපතළ බවත් ඇය පිළිස්සුම් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Exit mobile version