ඊයේ (04) උදෑසන බලයෙන් පහ කරන ලද හිටපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විෂය භාර රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සමග මාධ්‍යවේ දී චමුදිත සමරවික්‍රම මහතා සාකච්ඡාවක් පවත්වා ඇත.
එහි දී චමුදිත සමරවික්‍රම මහතා විසින් නගන ලද ප්‍රධාන පැනය වූයේ අමාත්‍යවරයා මෙලෙස එකවර ධූරයෙන් ඉවත් කිරීමට බලපෑ හේතුවයි.
එහි දී සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඔහු පසුගිය දිනක දී ජනතාව නියෝජනය කරමින් කරන ලද ප්‍රකාශයක් මීට බලපා ඇති බවයි.
කෙසේ වෙතත් ඔහු වරෙක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඔවුන්ගේ විෂය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අසමත් වී ඇති බව සඳහන් කරන ලදී.
ඔහු අදටත් එය කිසිදු පැකිලීමකින් තොරව ප්‍රකාශ කරනු ලබයි.
වියත්මග ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද ආණ්ඩුව මේ වන විට උගතුන්ට කිසිදු ඉඩක් ලබා නොදෙමින් ක්‍රියාත්මක කෙරෙන බව ද මෙහි දී සඳහන් විය.
කෙසේ වෙතත් බොහෝ අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ දී පමණක් නොව මෙරට සමාජය තුළදී ද දක්නට ලැබෙණ ලක්ෂණයක් වන්නේ උගතුන්ට සෑම ස්ථානයකදීම දොරටු විවර නොවීමයි.
රටකට ඉතා ඛේදනීය ඉරණමක් අත්කර දීමට ද මෙම කරුණ ප්‍රමාණවත් වේ.