සියලුම අතින් තමන් නිවැරදි බව පෙන්වන දේශපාලන කරලියේ මේ දිනවල ඉහලින්ම සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණය. ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් හොද බවට පිළිගෙන තිබේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ තමන්ට තිබු බලයෙන් නිසි ප්‍රයෝජන ගැනීමට අසමත් වූ ඔවුන් තවමත් දේශපාලන කරලියේ සිටින්නේ විවිධ කරනම් ගසමිනි. නමුත් ඔවුන් විසින්ම ඔවුන්ට වලකපා ගන්නේ ඔවුන්ගේම වරදිනි. මේ කේ ඩි ලාල්කාන්ත මහතාගේ “හෙදියන්ගේ කතාවට” ටිකිරි සුභාශනී මහත්මියගේ ප්‍රතිචාරයි.
“පහත වීඩියෝව මට ඒවා තිබුණේ මගේ මිතුරියකි.හෙදියන් අමතන රැස්වීමකදී ලාල් කාන්ත සිටියේ සිහියෙන් කොහේදැයි නොදනිමි.ලාල් කාන්ත කිවේ හෙදියන්ට ජිම් යාම අනිවාර්ය කළ යුතු බවය. ලාල් කාන්ත දොස්තර කෙනෙකු ලෙසද.රෝහලේ ප්‍රධානියා ලෙසද ලොක්කා ලෙසද සිහින දකිමින් කියන්නේ ඔහුට ආසා හිතෙන පරිදි කෙසඟ සිරුරකින් හා විශාල පියයුරු සහිතව හෙදියන් සිටිය යුතු බවය. ජිම් යාමෙන් එසේ වන බව ලාල් කාන්ත සිතන්නේය. විශ්වාශ කරන්නේය.ලාල් කාන්තට ස්පා සේවකයන්,ලිංගික ශ්‍රමිකයන් හා හෙදියන් පැටලී තිබේ.රෝගීන් හෙදියන්ට වෛද්‍යවරුන්ට ආදරය කරන බව නොරහසකි. එනයින් ලාල් කාන්ත ඉල්ලා සිටින ලිංගිකත්වය ලබා දීමට ලංකාවේ කිසිම කාන්තා හෙදියක් බැඳී සිටිය යුතු නැත.අනෙක් අතින් ඔහු කියන්නේ ලංකාවේ හෙදියන් මෙලෝ රහක් නැති බවය.මේ වීඩියෝව අසන ඕනෑම කෙනෙකුට එය වැටහෙනු ඇත.ලාල් කාන්ත පළමුව මේ ප්‍රකාශය මගින් හෙදියන් මානසිකව ලිංගික අතවරයට ලක් කර ඇත.අනෙක් අතින් ඔවුන්ගේ සේවය අමතක කර ඔවුනට ලිංගික ශ්‍රමිකයන් ලෙස හැසිරෙන්නට බල කර සිටී.මේ කරුණු දෙකටම ශ්‍රී ලංකාවේ කාන්තාපක්ෂයක් ගොඩ නැගු කාන්තාව ලෙස මම දැඩි සේ හෙලා දකිමි.එසේ හෙලා දකින්නේ,පළමුව හෙදියන්ගෙන් ලිංගිකත්වය අපේක්ෂා කරන බවට කරන ලද තුච්ඡ ප්‍රකාශයටය.දෙවනුව එවැනි දෙයක් ශ්‍රී ලංකාවේ තවමත් අදුෂිත එකම සේවය වන හෙද සේවය ඉලක්ක කරගෙන ප්‍රකාශ කිරීමය.
ලංකාවේ හෙදිය අල්ලස් නොගන්නා,වැඩ කල් නොදාන එකම සේවකයා ලෙස කලක් තිස්සේ අප හඳුනාගෙන සිටිමු.හෙද කාර්යමණ්ඩල වලින් 90% ක් ම කාන්තාවන්ය.ලාල් කාන්තට අමතක වී ඇති කරුණු නම්.මේ කාන්තාවන්,දරුවන්ගේ මව්වරුන් බවය.ඔවුන් දරුවන් සමග පැය 12 ක වැඩමුරය කළමනාකරණය කරගන්නේ හාස්කම් කිරීමෙන් බවය.රෝගීන් සමග හැප්පෙන ජිවිත,තම ජිවිතයේ පවුල් සංස්ථාව වෙනුවෙන් ද සේවයෙන් පසු වෙහෙස විය යුතු බවය.ලංකාවේ හැම කෙනෙකුටම ගෙදර ජිම් එකක් පවත්වාගෙන යන්නට තබා වැඩට එන්නට වාහනයක් නඩත්තු කරන්නට තරම් ආර්ථිකයක් නැති බවය.ජවිපයට හෙදිය තුල සිටින ගැහනිය පමණක් නොව ශ්‍රී ලංකාවේ කාන්තාව පෙනෙන හැටි ලාල් කාන්ත කීවේය.එය කිසිසේත්ම මානව හිතවාදී ප්‍රකාශයක් නොව ලිංගික ප්‍රකාශයකි.sexism හෙවත් ලිංගිකත්වය පදනම් කරගත් වෙනස්කමකට ලාල් කාන්ත ලංකාවේ හෙදියන් ප්‍රසිද්ධියේ ලක්කළේය.ඔහුගේ අනුගාමිකයන් මාක්ස් උපුටා දක්වමින් එය සාධාරණී කරණය කරන්නේද කලිසම් කමිස හැඳගෙනය.දියුණු රටක් මෙය සිදු වී නම්.ලාල් කාන්ත ට නීතීමය පියවර ගැනේ.එය ලාල් කාන්ත පෞද්ගලික ව හෙදියක් සමග යහන් ගතවෙමින් කල ප්‍රකාශයක් නොව,නිල ඇඳුමින් හෙදියන් රැස්වූ රැස්වීමක කියන ලද්දකි.
ලාල් කාන්ත ගේ ප්‍රකාශය පසුව ඔවුන්ගේ නෙවේ යයි කියන සේපාල් ගේ ලබ්බ ප්‍රකාශයේ අංක 02 යයි මට දේශපාලනිකව සිතේ.පළාත් පාලන මැතිවරණය අභියසදී ජවිපය තමන් විසින්ම විනාශ කර ගෙන නැවතත් ජනතාවට බැන බැන සිටීමට යන උපක්රමයට යමින් තිබේ.නැතහොත් උවමනාවෙන් පරාජය වී පොහොට්ටුව දිනවීමය.මේ දිනවල ඇති ජවිපෙ රැල්ල අනුව පළාත් පාලන චන්දයේදී වැඩි බලයක් ඔවුනට හිමිවිය යුතුය.කරඬුව වසර තුනක්ම හිසේ තැබූ සේපාල් එක්වරම ජවිපයේ සරම කඩා බිම දැම්මේය..අවසානයේ සේපාල් ජවිපයේ නොවන බව ජවිපය කියා සිටියේය.දැන් ලාල් කාන්ත ගේ ප්‍රකාශය නැවත ඉලිප්පී එයි.අපිට ජවිපයට සමීපව ලබන්නට දෙයක් නැතුවා සේම තඩි බා ලබාගන්නට ද දෙයක් නැත.එහෙත් ජවිපය ද අනෙක් පක්ෂ වලින් වෙනස් නොවන ජඩ පක්ෂයක් බව රැල්ලට හසු වී සිටින ජනතාවට වැටහෙන්නේ නැත.ජවිපය උදම් අනන විනය ලාල් ට සේපාල ට අදාළ නොවන්නේ මන්ද? මේ ප්‍රශ්න කිරීම් තුලින් හැඟෙන්නේ.ජවිපය එක්කෝ ජනතා බලයට බය බවය.නැතහොත් හැදීගෙන එන රැල්ල උවමනාවෙන් බිඳ දැමීමටකලින්ම සැලසුම් කර තිබු බවය.නැතහොත් එය සැලසුමේ කොටසක් බවය.
කෙසේ නමුත් ලාල් කාන්තගේ ප්‍රකාශය ට සමාව ගැනීම ජවිපයේ ජාතික ජන බලවේගයේ යුතුකමකි.උගතුන් සිටි යයි කියන ජනබලවේගය තුල Sexism ගැන ජවිපයට දේශනයක් දෙන්නට උගතෙක් ඇතැයි මම විශ්වාස කරමි.එසේ නම්…ජවිපයේ උඩ සිට පහලටම එම පාඩම කියා දිය යුතුය.වැඩිපුරම කියා දිය යුතු වන්නේ මාක්ස් උපුටා දක්වන ඉගෙන ගත් එකම උතුම් දෙය මාක්ස් ගේ ලබ්බ යයි සිතා සිටින මොළ සේදුණු සාමාජිකයන්ටය.මගේ ලැයිස්තුවේ එවන් කිහිප දෙනෙකු සිටි.මට නම් කල හැකිය.
අපිට පොදු සතුරා වනුයේ ජනතාව නොමග යවන දේශපාලන පක්ෂය.ජවිපය පිරිමි පක්ෂයකි.ගැහැණිය ගැන ජවිපය සිතන විදිය හා ප්‍රයෝගිකව ඔවුන්ගේ පෞද්ගලික ලිංගිකත්වය සංස්කෘතිය පරයන්නකි.එහෙත් ඒ විකෘතිය ගෙදරින් එලියට පැන හෙදියන් ඉදිරියට එනවිටම සීමාව පැන තිබේ.සාරිය ට විරුද්ද ජවිපය,ගුරුවරියන්ගෙන් ලිංගිකත්වය සමාජය ඉල්ලා සිටින්නේ යයි චෝදනා කරමින් කල ප්‍රචාරණය ඔබට මතක ඇතුවාට සැක නැත.ගුරුවරියට කලිසම් අන්දා..හෙදිය ගේ පියයුරු සිලිකොන් වලින් පුරවා දැකීමට ලාල් කාන්ත ආශා කලාට..හෙදියගේ භුමිකාවේ එකම එක දවසක් රැකියාවක් නොකරන ලාල් කාන්ත හෝ ජවිපයේ ඉහල පෙලේ නායකත්වය දැරිය යුතුය.නැතිනම් ඔවුන්ගේ බිරින්දෑවරු හෙදකමට හෙට පටන් යැවිය යුතුය.එවිට හෙදකම හා ස්පා හෝ ලිංගික ශ්‍රමිකයන්ගේ වෙනස ඔවුන්ට වැටහෙනු ඇත.”