ඊයේ (18) ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීින්ට ලැබුණු තොරතුරකට අනුව හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අනුරාධපුරය, ලෝලුගස්වැව ක්‍රීඩාංගණය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් 11 g යි, 80mg ක් සොයාගෙන තිබේ.
එමෙන්ම මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මෙම සැකකරු මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීම, අවි ආයුධ ජාවාරම් කිරීම හා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වීම වැනි අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශකර තිබේ.