ඊයේ (19 ) පුද්ගලයන් 8 දෙනෙකු හෙරොයින් සමග අම්බලන්තොටදී STF විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් ලග තිබී හෙරොයින් ග්රෑම් 19 යි මිලි ග්රෑම් 770 ක් හා දුරකථන, සිම්පත්, යතුරු පැදියක්, හා ත්රි රෝද රථයක් තම අත්අඩංගුවට ගත් බවයි.
මෙම සැකකරුවන් වයස අවුරුදු 19ත් 43ත් අතර අම්බලන්ගොඩ හා සුරියවැව ප්රදේශ වල පදිංචි කරුවන් බව පොලීසිය සදහන් කරයි.
මෙම වැටලීම අම්බලන්තොට විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් සිදු කල අතර අම්බලන්තොට පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.