කෝටි ගණනක මුදල් වංචාවක් සිදු කිරීම හේතුවෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි කතරගම වන්දනාවේ යාම සඳහා හෙළිකොප්ටර් යානයක් යොදාගත් බවට මේ වන විට අනාවරණය වී ඇත.
මේ වන විට වාර්තා වන්නේ ඇය එම එක් ගමනක් සඳහා රුපියල් මිලියනයක් වැය කර ඇති බවයි.
එමෙන්ම තිලිණි ප්‍රියමාලි සිය කාර්යාලය පවත්වාගෙන යනු ලබන ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහල සඳහා ද ක්‍රමවත්ව කුලී මුදල් ගෙවා නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලදී මේ වන විට අනාවරණය වී ඇත.