හොද තාත්තෙක්ගේ ද්‍රෝහී පුතා. පොලිස් ඇමති ටිරාන් අලස් වෙතයි

ඔබව අමතන්නට තුමා වගේ වචන මම බාවිතා නොකරමි.ඔබේ පියා කීර්තිමත් අධ්‍යාපන උපදේශකයකු ලෙස වරක් ශිෂ්‍ය නායක සමුළුවකදී අනුරාධපුරයේදී මට හමු වී තිබේ.ඔහු එම සමුළුවේදී මා ගැන මගේ විදුහල්පතිවරයාට තැබූ සටහනක් අදටත් පාසැල් චරිත සහතිකයේ අඩංගුව ඇත.ඒ නිසා ඔබ හැසිරෙන ද්‍රෝහී විලාශය මා පමණක් නොව ඔබේ පියා දන්නා හඳුනන හැම පුදුම කරවන්නකි.එහෙත් සෑම දරුවෙක්ම වෙනස් හා විශේෂය.ඔබද ඔබේ පියාට එවැනි විශේෂ වෙනස් දරුවෙකු වන්නට ඇත.

අපේ සංස්කෘතිය හතුරාට පවා කුසගින්න පිපාසය නිවා දෙන සංස්කෘතියකි.හතුරා පවා මරණමංචකයේ නම් දන්නා ශිල්ප වලින් මොහොතක් හෝ ඔහුගේ ජීවිතය ආරක්ෂා කරන සංස්කෘතියකි.මේ සියල්ල වෙනස් වුයේ 2005 දී බව ත් එයට ඔබේ දායකත්වය කෙතරම් විශාලද යන්නත් විශ්වය පුරාම ප්‍රචලිත කරුණකි.

අත්අඩංගුවට පත් සියළු සැකකරුවන් පරීක්ෂණ අවසන්ව අධිකරණය වෙත නඩු පැවරෙන තුරු ඔවුනගේ ආරක්ෂාව මහජන ආරක්ෂක ඇමති ලෙස ඇත්තේ ඔබගේ වගකීම යටතේය.2005 කණ්ඩායම මෙහි පැමිණ ඔබ නිවැරදි යයි හිස පොලවේ ගහගනු ඇත.ඒ ඔබට වගකීම නොදී ඔබව තොත්ත බබා කිරීමටය.එහෙත් ඔබ සිරකරුවන් ගැන පමණක් නොව රටේ නිතිය හා සාමය ගැන වගකීම සහිත ඇමතිය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර ජාත්‍යන්තරයේ නිතර කතාවෙන්නේ දෙදෙනෙකු ගැනය.හිමිනම මාස දෙකකට ආසන්න කාලයක අත්අඩංගුවේ නම් ඩෙංගු රෝගයට භාජනය වීම ගැටළු සහගතය.අනෙක් අතින් හමේ රෝගයක් වෙනුවෙන් වසන්ත මුදලිගේට ඖෂධ නොලැබීමයි.ප්‍රතිපාදන නොමැති නම්,පොලිසියේ හමුදාවේ රෝහලක් වෛද්‍ය වරයකු නැති නම්,මම ඔබට අනුරාධපුරයේ මගේ දේශීය වෙද පරම්පාරාවේ අත් බෙහෙතක් ගැන සටහන් කරමි.එවැනි කුෂ්ට රෝග වලට කැලේ වැවෙන වැල් කහඹිලියා තැම්බූ වතුරෙන් මද රස්නයෙන් රෝගියා නැහැවිමයි.මේ ඖෂධය සොයාගැනීමට ඔබේ පොලිස් බලකායට නොහැකි නම් කරුණාකර එම පුද්ගලයාගේ පවුලේ හෝ අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලයට එය දැනුම් දෙන්න.ඔවුන් එය අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වෙලාවට සපයනු ඇත.මාධ්‍ය සාකච්චා තබමින් පෙළපාලි යමින් කුෂ්ට රෝගයට එරෙහිව උද්ගෝෂණ කරනවාට වඩා වැල් කහඹිලියා ටිකක් සොයා දී රෝගීයා සුවපත් කිරීම පලදායී බව ඔවුන්ද තේරුම් ගන්නවා ඇත.

සිරකරුවන්ට සැලකීම හා අතුරුදන් කිරීම ඇතුළු සිරකරුවන් සම්බන්ධයෙන් යුධ අපරාධ රාශියක් අපේ සිරි ලංකාවේ ගිණුමට වැටි තිබේ.වසන්ත මුදලිගේ ගේ කුෂ්ට රෝගයද විශ්වය පුරා විසිරි යන්නේ ගෝටාගේ නාමයට සමානවය.එයින් කියවෙන්න් පොලිස් හා මහජන ආරක්ෂක ඇමතිගේ නොහැකියාවේ,හා අමනුෂ්‍ය බවේ විශ්වරාවයය.කෙසේ නමුත් ලෝක සිරකරු ප්‍රඥාප්ති හා මානව හිමිකම් ප්‍රඥාප්ති අනුව සිරකරුවා මනුෂ්‍යයකු ලෙස සැලකීම හා අධිකරණ තීන්දුවකට පෙර ඇති නිර්දෝශිභාවයේ පුර්ව නිගමනය යන්න පළුදු කිරීමෙන් ඔබලාගේ වෛරය සංසිඳුණ ද..ඔබලාට වෛර කරන තවත් පරපුරක් එයින් බිහිවෙන බවත්,ලෝකය ඉදිරියේ වැටෙන්නට ඇති පහලටම වැටි ඇති තැනින් තවත් ගොඩ ඒමක් නැති බවත් දන්වා සිටීමට කැමතියි.

(එක්ෂත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිලිබදව ජර්මාණු නියෝජිතවරියක් වන නීතිඥ සුභාෂනි ව්ෆ්ලර් මහත්මිය තම මුහුණු පොතේ තබා තිබු සටහනකි)

Exit mobile version