විද්‍යුත් වාහන නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා මෙන්ම ස්වංක්‍රීය තාක්ෂණය ඊට එකතු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට හොන්ඩා සහ නිසාන් යන සමාගම් තීරණය කර ඇති බව වාර්තා වේ.
ජපානයේ ටෝකියෝ නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එම සමාගම් දෙකෙහි ප්‍රධානීන් මේ බව ප්‍රකාශ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ජපානයේ දෙවන සහ තෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයින් වන මෙම සමාගම් දෙක ඉදිරියේ දී තාක්ෂණයෙන් වැඩි දියුණු වූ විද්‍යුත් වාහන නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇති බවට විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් දැක්වේ.