ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීමට කටයුතු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය අද (12) නියෝග කර තිබෙන බව වාර්තා වේ .
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පුද්ගලයින් නොවැම්බර් මස 16 වනදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ඇති බවයි .
අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකට අදාළව කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කරන ලදී .