හොරණ – කුඹුරක වෙඩිතැබීමේ සැකකරු ගිනිඅවි සමග අත්තඩංගුවට .

පසුගිය 16 වනදා සිදු වූ හොරණ කුඹුරක වෙඩි  තැබීමේ සිද්ධියට අදාළ හොරණ වව්ලුගල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සැකකරු සතුව තිබූ ගිනිඅවිය එම ප්‍රදේශයේ පාලු ඉඩමක තිබූ පිදුරු ගොඩකින් සොයා ගෙන ඇති අතර සිද්ධියට අදාළ සැකකරු  හොරණ මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම සැකකරු ව්‍යාපාරිකයෙක් වන අතර ඔහුගේ අනියම් බිරිද සමග සබදකම් පැවැත්වූ හෙයින් පෞද්ගලික ආරවුලක් මත මෙම  වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා කරයි .

මිය ගිය පුද්ගලයාද ව්‍යාපාරිකයෙකු බව සදහන් වේ .

Exit mobile version