හොරණ නගරයේ සමහර ආපනශාලාවලත් කෑම නුසුදුසුයි

හොරණ නගරයේ පවත්වාගෙන ගිය ආපණ ශාලා සම්බන්ධයෙන් සිදු කළ හදිසි පරීක්ෂාවකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු ආහාර අලෙවි කළ සහ ගබඩා කර තැබූ ආපණ ශාලා හිමියන් තිදෙනකුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගත් බව හොරණ නගර සභා සෞඛ්‍ය අංශ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක මල්ලව බණ්ඩාර මහතා පැවසීය.

මෙම වැටලීම සඳහා හොරණ, මිල්ලනිය, මදුරාවල සහ ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් රැසක් සහභාගි වූහ.

2011 ආහාර ස්වස්ථතා නියෝග කඩ කරමින් මේ ආකාරයට ආහාර විකිණීම සහ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ආපණ ශාලා හිමියන් තිදෙනකුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

හොරණ නගර සභාවේ ලේකම් අචිනි ගයන්ති සහ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය උමේෂ් දන්ජය මහත්ම මහත්මීන්ගේ උපදෙස් සහ මඟපෙන්වීම මත හොරණ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කළේය. (අඟුරුවාතොට සමූහ – මංගල ප්‍රසන්න (දිණමින)

Exit mobile version