ශ්‍රී ලංකාව තුල නීතිය ක්‍රියාත්මක වන්නේ විවිධ අයගේ බලයේ හැටියට බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ. අප මීට පෙර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිවිල් පාලකයන්ගේ දුෂණ වංචා නොහොත් බෞද්ධ දර්ශනයට එරෙහිව සිදුවන සිදුවන අකටයුතුකම් සාක්ෂි සහිතවම පෙන්වා දී තිබේ. පැරණි පෙරහරක් සඡීවී ආකාරයෙන් පෙන්වමින් කරන ලද අපරාධය පවා පෙන්වා දී තිබේ. ඔවුන්ට විරුද්ධව පැමිණිලි කර මේ වන විට අවුරුදු එකයි මාස තුනකි. බලධාරීන් නින්දේය.
එහෙත් ඔවුන් නිදැල්ලේ සිටින අතර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂකට ඇස් ඇරෙන්නේ සේපාලගේ කථාවටය. වංචා දුෂණ මෙන්ම දළදා මාලිගාව පරිශ්‍රය තුල අවුරුදු ගණනාවකට පෙර සිටම විවිධ හානි සිදුකර තිබේ. නමුත් මේ දෙදෙනාගේ හෝ සේපාලට විරුද්ධව පැමිණිලි කල බෞද්ධයන් හෝ ඒවාට විරුද්ධව කථා කරන්න කොන්දක් තිබී නැත. නීතියක් තිබෙන නමුත් එයට පයින් ගසනා බලධාරීන් සිටිනා රටක සේපාලලා පමණක් නොව තවත් දහස් ගණනක් මිනිසුන් ආවේගශීලීව වචන පිටකරනු ඇත. එයට වරද රාජ්‍ය නිලධාරීන්ගේ දුෂිත ක්‍රියාවලිය වේ. රට වනසන්නේ ඔවුන්ය.
එසේම හිටපු සහ සිටින කිසිම බස්නායක නිලමේවරයෙක් හෝ මහානායක වරු හෝ මේවාට කටක් ඇරියේවත් නැත. දේශපාලනය කරන මෙන්ම විවිධ හේතුවලට මයික් ඉදිරියට එන නාමික හාමුදුරුවරුන් හෝ මේවාට කටක් ඇරියේවත් නැත. නමුත් මේ ප්‍රකාශයක් අල්ලාගෙන දැගලීමට පෙර සෙවිය යුත්තේ සත්‍ය ලෙසම දළදා වහන්සේට මෙන්න බෞද්ධාගමට විනකරනා වංචනිකයන් කව්ද යන්නය. සේපාලට විවිධ චෝදනා පටලැවීමට පෙර කල යුත්තේ අවුරුදු ගණනාවක් පුරා බුලු දහම වනසන දියවඩන නිලමේවරයා ඇතුලු පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමය.
සේපාල වරදක් කර තිබේද නැද්ද යන්න තීරණයක් අධිකරණය මගින් දෙනු ඇත. දියවඩන නිලමේට සහ වැරදි හොර දුෂිත බස්නායක නිලමේවරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිට හෝ බෞද්ධ කටයුතු කොමසාරිස්ට හෝ පුරාවිද්‍යා අධ්‍යක්ෂකට කොන්දක් තිබී නැත. ඉන් කියවෙන්නේ නීතිය ක්‍රියාත්මක වන්නේ තරාතිරමේ හැටියට සහ ඔවුන්ට සලකන ආකාරයට අනූව බවයි.
මේ අතර සේපාල් අමරසිංහ ගැන මාධ්‍යවේදියෙකු පහත සටහන තබා තිබුනේ තම මුහුණු පොතේය.
උසාවියේදී සේපාල් තනි නොකළ මංජුල හා නාමල්
සේපාල් අමරසිංහ අපට පෙනෙනේ ආවේගකාරී හා ක්ෂණික ප්රචාරණයේ යෙදෙන නිදහස් මාධ්‍යකරුවෙක් හැටියටයි. ඔහු දැන සිටියත් පුත්ගලිකව ඇසුරු නොකළත් ලියූ දේ අතරින්පතර කියවූ නිසයි මේ නිගමනයට එන්නේ. ආවේග නැතිව, ප්‍රසිද්ධිය නොතකා කැප වූ ‘බොක්කෙන්’ ජනමාධ්‍යකරුවෙක් වෙන්න අමාරුයි. නැතිනම් කුලී ලියනමහත්තයෙක් වෙනව. ඔහු ඊයේ උසාවියට දැම්මේ දේශපාල හා ආගමික ප්රචන්ඩත්වය ඇති කිරීමට [ICC -PR] යටතේ. මීට අමතරව ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ හා මුදල් විශුද්ධිකරණය පනත් යටතේ ඔහුට විරුද්ධව අපරාධ විමර්ෂණයක යෙදෙන බව පොලිසිය උසාවියට දැනුම් දුන්න.
මෙතන දී අපට වැදගත් සේපාල් උසාවියේ දී තනි නොකර ඔහු වෙනුවෙන් කොන්දේසි විරහිතව නොමිලේ පෙනීසිටි නීතීඥයන් දෙපොල අගය කිරීමයි. ‘අලුත් කඩේ කැරලිකාරුවා’ මංජුල පතිරාජ. ඔහුගේ නීතීඥ ජීවිතයේ අගනාම සේවාව ලබුවේ එල්.ටී.ඊ යේ දේශපාලන නායිකා තමිලනී [ සුබ්‍රමනියම් සිවකාමී] වෙනුවෙන් වසර කීපයක් නොමිලේ පෙනී සිට ඇය සිරගෙයින් එළියට ගැනීමෙන්. ඒවග ප්‍රකට මාධ්‍යකරු ජයරාජ් [ඩී.බී. එස්.] වාර්තා කළේ මෙහෙමයි.
“ තමිළනී නිදහස් කෙරුණු පසු නෝර්වේ රටේ සිටින ඇගේ සොහොයුරිය නීතීඥ පතිරාජ ඇමතුවාය. නැගෙණිය වෙනුවෙන් පෙනී සිටිමේ ගාස්තුව විමසුවාය. ඇයට නීතීඃඅ පතිරාජගෙන් ලබුණේ මෙබදු පිළිතුරකි.”
“ මම සල්ලි වලට නෙවෙයි කතා කළේ. මගේ වගකීම ඉෂ්ඨ කරන්න. ඇය සිරගෙයි සිටිය යුතු නෑ. ඒ වෙනුවෙන් මම පෙනීසිටිය. ස්තුතියි. ඒකට මිලක් නෑ”
මංජුල ප්‍රකට සිනමාකරු ධර්මසේන පතිරාජ හා කවියෙකු හා දේශපාලන නායකයෙකු වූ ආරියවංශ පතිරාජගේ සොහොයුරෙකුගේ වැඩිමහල් පුත්‍රයාය.
නීතීඥ නාමල් රාජපක්ෂ ද අලුත් කඩේ සිටින තවත් කැරලිකරුවෙකි. ඔහුගේ දේශපාලනය විටිවිට වෙනස් වුවත් ඔහු මිනිස් අයිතිවාසිකම් ගැන සිතද්දී සාක්කුව අමතක කරන්නෙකි. වටපිට නොබලන්නෙකි.
ඔබ දෙපොලටම ස්තුතියි. මේ යන විදිහට අප සියලුදෙනාටම ඔබලා ගේ උපකාරය නැතිව බැරිවෙන හැඩක් තියෙන්නේ. ඒ නිසාමත් නෙවෙයි මේ සටහන ලීවේ. ඔබලා අගය කරන්නයි.
නන්දන වීරරත්න
07/01/23