කොළඹ පුරපතිනිය වන රෝසි සෙනන්නයක මහත්මිය දැඩි දූෂිත ක්‍රියාවලියක නිරතවන බව අප මීට පෙරද වාර්තා කර තිබේ. එය අලුත් කරමින් නවතම අනාවරණයක් කිරීමට මාධ්‍යවේදී දර්ශන හදුන්කොටුව විසින් පියවර ගෙන තිබේ. ඔහුට අයත් යු ටියුබ් නාලිකාව් හරහා මේ පිලිබදව හෙළිදරව් කරමින් පවසන්නේ මේ වන විට රෝසි සේනානායක මහත්මිය දැඩි ජනතා අප්‍රසාධයට ලක්ව ඇති බවයි. ඇය කොළඹ දුගී ජනතාවට මෙන්ම අඩු අදායම්ලාබී ජනතාවගේ වස්තුව මංකොල්ලකන බවද, එය ඇයගේ දින චර්යාව බවද ඔහු පවසයි.
ඇය කර ඇති මහාපරිමාණ දුෂණ වංචා අතරින් කිහිපයක් වන කොළඹ මහනගර සභාවේ දුගී දුප්පත් ජනතාව ලක්ෂ 2ක් වෙනුවෙන් රු 3500.00ක් බැගින් ලබාගත් වවුචර් ලක්ෂ 2ක් (බිලියන 500කට අදික) වංචා කර තිබේ. කොමිස් මුදල් ලබාගෙන නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංග සමග රෝසි සේනානායක විසින් කුරුදු වත්තේ අනවසර ගොඩනැගිල්ලක් අනුමත කොට ලබාදීමට කටයුතු කරගෙන යාමද ඒ අතර වේ. එසේම තරංග ශානක මන්ත්‍රීවරයාට උතුරු කොළඹ නගරසභාවට අයත් වටිනා ඉඩමක් නගරාධිපතිනිය විසින් ලබා දීම, කුරුදුවත්තේ අංක 43 දරණ නගරසභාව සතු ඉතා වටිනා ඉඩම උත්සහ කරමින් ගනුදෙනු හුවමාරු කොට ඊට අදාල ලිපිගොනු මේවනවිට අස්ථාන ගතකොට කරුණු සගවා විකිණීමට උත්සාහ කිරීම ඇතුළු වංචා ගනනාවක් ඔහු පෙන්වා දේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක වෙත SPK ඒකරත්න මහතා විසින් ඉලිකිතව දැනුන් දුන් නමුත් රොෂාන් ගුණතිලකගේද ඇස් කන් පියාගෙන සිටින බවද කිය වේ. කෙස් එනමුත් රොෂාන් ගුනතිලකටද මිග් ගනුදෙනුවේ චෝදනා එල්ල වේ. මිග් ගනුදෙනුවේ සිදු උණු බව කියවෙන දූෂිත ගනුදෙනුව සිදුවන්නේ ඔහු ගුවන් හමුදාධිපති සමයේය. එසේම ඔහුගේ පුතා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු බවට පත් කිරීමට අලුතින්ම ගැසට් එකක්ද ගැසුවේය. එවන් දූෂිත හමුදා නායකයෙකුට, දූෂණයන් දෙස බලා නිහඩව සිටීම හැර වෙනත් විකල්පයක් නැත. ඔවුන් තවමත් හමුදා නිල ඇදුමෙන් සිටින අතර යැපෙන්නේ මහජන මුදලිනි. ඔවුන් තනතුරකට පත්කර තිබෙන්නේ මහජන සේවය උදෙසාය. නමුත් මහජන සේවය යනු කුමක්දැයි ඔවුන් ඉගෙන ගෙන නැත. හොරුන් දූෂිතයන් එකට එකතු වී හප කල ශ්‍රී ලංකාව, තව දුරටත් ඔවුන් විසින්ම එකට එකතුව හප කිරීමට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ජනතා නායකයන් බොහෝ නොවීමෙන් සියලුම දෙනාට ඉතිරිව තිබෙන්නේ පීඩාව පමණි.