හොරු ඇල්ලු සතොස විශේෂ විමර්ශන ඒකකය විසුරුවා හරි.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියෙන් ඉවත්ව ගිය නිලධාරීන්ගෙන් සැදුම් ලත් සතොස හි විශේෂ විමර්ශන කණ්ඩායම 2023 .03. 08 දින සිට විසුරුවා හැරෙන බව ඔවුන් නිවේදනය කරයි.

“සේවා කොන්ත්‍රාත්තුව අවසන්වීම හා තවදුරටත් සේවා කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් අප ලංකා සතොසෙන් 2023.02.08 දින සමුගන්නෙමු.

විශ්‍රාමික යුද හමුදා පොලිස් නිලධාරින් ලෙස ලංකා සතොස විශේෂ විමර්ශන ඒකකය පිහිටුවාලමින් වසර දෙකක් පුරා ලංකා සතොසෙහි සිදුවූ සොරකම්,වංචා,දූෂණ,අක්‍රමිකතා 100 කට වඩා විමර්ශනය කලෙමු.

පැහැදිලි ලෙසම ආර්ථික වශයෙන් ආයතනයට පාඩු සිදුවීමට ගිය අවස්ථා වළකාලමින් ආයතනයේ මුදල්,දේපළ අවභාවිතාවන් මගහරවාලමින් විශාල ධනයක් ආයතනයේ ගිනුමට බැරකිරීමට කටයුතු කලෙමු.

අප ආ මග කටුකය.සන්නද්ධ හමුදා සාමාජිකයන් ලෙස ලබා තිබූ පන්නරය තුලින් අප සියල්ල විද දරාගත්තෙමු.

අපට ලංකා සතොසේ බොහොමයක් අකමැතිය.ඒ ආයතනයට ආදරය නොකරන ආයතනයේ දේපළ අවභාවිතා කරන පුද්ගලයින්‍ ය.

එසේම අපට දැඩි ලෙස ලෙංගතුව කටයුතු කරන බොහෝ පිරිසක් සිටී.ඔවුන් ආයතනයට ආදරය කරන සාදාරණ ලෙස රැකියාවේ නියුතු අයවලුන්‍ ය.

ඔවුන්ගේ ප්‍රශ්න වලදී අප පාලන අධිකාරියේ සහයෙන් හැකි පමණ ඔවුන්ගේ ප්‍රශ්න වලට පිලිතුරු සපයා ඇත්තෙමු.

අපට අල්ලස්,සංග්‍රහ,වෙනත් කප්පම් චෝදනා නැත.

ලිංගික අල්ලස්,කාන්තා අපයෝජන චෝදනා නැත.

අප ගෞරවනීය ලෙස නිල,තනතුරු භේදයකින් තොරව කටයුතු කලෙමු .

සොරුන් හමුවේ දැඩිලෙස කටයුතු කලෙමු .
අප විමර්ශනය සිදුකොට ලබාදුන් විමර්ශන වාර්තා සබැදි නීතිය ක්‍රියාත්මක කිරීම පාලන අධිකාරියේ කටයුත්තක්.

ඒ සැබැදිව පසුවිපරම් කිරීම ගරු අමාත්‍යවරයා ගරු සභාපතිතුමා වෙත බලපෑම් කිරීමට අපට හැකියාවක් නෑ.අපත් ඔවුන් යටතේ සේවය කරන්නන්.

හැකි උපරිමයෙන් ආයතනයේ සුබ සිද්ධිය වෙනුවෙන් අපගේ සේවා කාලය තුල අප ක්‍රියාකරන ලද බවත් ශ්‍රීලාංකික පුරවැසියකු ලෙසත් ගෞරවනීය සන්නද්ධ හමුදා නිලධාරින් ලෙසත් යහපත් කාර්‍යයක් වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරන ලද බවත් ගෞරව පූර්වකව නැවතත් සිහිපත් කරමු.

සිදුවී ඇති,සිදුවන අක්‍රමිකතා,දූෂණ,වංචාවන් පිළිබදව ආයතනයේ පාලන අධිකාරියේ ක්‍රියා පිලිවෙත විවේචනය නොකරමු.

කෙසේ වෙතත් පැහැදිලි සාක්ෂි සහිතව මිලියන ගණනින් ආයතනික දේපල,මුදල් අවභාවිතා කල පුද්ගලයින්හට කිසිදු අයුරකින් නීතිය ක්‍රියාත්මක නොවී නිල උසස්වීම් කිහිපයක් සහිතව තවදුරටත් සේවයේ යොදවා සිටින බවද කනගාටුවෙන් යුතුව දන්නවා සිටින්නෙමු.

පුරා වසර දෙකක් හරි දෙයක් කරන්නට ශක්තියක් වූ සැමටම සුභ ප්‍රාර්ථනා කරමු”.

විශේෂ විමර්ශන ඒකකය
ලංකා සතොස

ලෙස ඔවුන් සදහන් කර තිබේ.

Exit mobile version