හොර නෝට්ටු සමග සරසවි සිසුන් දෙන්නෙක් අත්අඩංගුවට .

සරසවි සිසුන් දෙදෙනෙකු පලතුරු වෙළදසැලකින් පලතුරු මිලදී ගෙන ඇති අතර ඒ සදහා රුපියල් 5000ක නෝටුවක් කඩ හිමියා වෙත ලබා දී ඇත. එම නෝට්ටුව ව්‍යාජ නෝට්ටුවක් බවට ඇති වූ සැකයෙන් කඩ හිමියා මේ බව අක්කරෙයිපත්තු පොලීසියට දැනුම් දී ඇත .

පොලීසිය සදහන් කර ඇත්තේ එම නෝට්ටුව ව්‍යාජ මුදල් නෝට්ටුවක් වන බවයි .

ඒ පිළිබදව ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ සැකකරුවන් දෙදෙනා සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් පරීක්ෂා කිරීමේදී මොවුන් සන්තකයේ තිබී තවත් ව්‍යාජ 5000හේ නෝට්ටු 2ක් හමු වූ බව කියයි.

සිසුන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් කියා සිටියේ වෙනත් පුද්ගලයෙකු විසින් මෙම ව්‍යාජ නෝට්ටු ලබා දුන් බවත් එම නෝට්ටු සත්‍ය නෝට්ටුවලට මාරු කර දෙන ලෙසත් ඒ වෙනුවෙන් කොමිස් මුදලක් ගෙවන බවත් ය .

මෙම සැකකරුවන් දෙදෙනා අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු බව වාර්තා වේ.

Exit mobile version