හොර රහසේ මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයින් පිරිසක් මාට්ටු.

තලෙයිමන්නාරම මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවරයන් 15 දෙනෙකු ඔවුන් පැමිණි බහුදින යාත්‍රා දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ධීවරයන් 15 දෙනා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මන්නාරම කාර්‍යාලයට ඊයේ (15) භාරදුන් බවයි.

මෙම ධීවරයින්ගේ ආරක්ෂාව පතා සහ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා මන්නාරම මූලස්ථාන පොලීසියට භාරදුන් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මන්නාරම කාර්යාලය සඳහන් කරයි .

Exit mobile version