හොර ස්ටිකර් කල්ලියට – සියඹලාපිටියගෙන් දැඩි තීරණයක්.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විසින් සඳහන් කොට ඇත්තේ ශ්‍රී ලංකාව තුල මත්පැන් බෝතල් මත ව්‍යාජ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් වාර්තා වන සිද්ධිවලට අදාළ පුද්ගලයන් හට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවයි.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ  මේ සම්බන්ධයෙන් වරදකරුවන් වන්නේ කොතරම් දැවැන්ත මත්පැන් සමාගමක් වුව ද නීතිය අකුරටම නිසිපරිදි ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවයි.

එලෙසම ඔහු සදහන් කර ඇත්තේ  සුරාබදු නිලධාරීන්ගේ වැරදි සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන බවත් සියලුම මද්‍යසාර නිෂ්පාදනාගාර අධීක්ෂන කටයුතු සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පත් කර ඇති බවයි.

Exit mobile version