සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කොට ඇත්තේ දිවයිනේ දිස්ත්‍රික්ක රැසක සුරාසල් 100 කට වැඩි ප්‍රමාණයකින් ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හමුවී ඇති බවයි.
මන්ත්‍රී වරයා සඳහන් කොට ඇත්තේ මෙම ව්‍යාජ ස්ටිකර් යෙදූ මත්පැන් බෝතල් හමුවී ඇත්තේ ගාල්ල, යාපනය, රත්නපුර හා නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක රැසකින් බවයි.
ඒ මහතා විසින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා හට කරුණු දක්වමින් පවසා ඇත්තේ ව්‍යාජ ස්ටිකර් ජාවාරම පිටුපස සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දෙදෙනකු සිටින බැවින් ඒ පිලිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ මේ ව්‍යාජ ස්ටිකර් බෙදාහැර ඇත්තේ කොච්චිකඩේ ප්‍රදේශයේ නිවසකින් බවත් එම නිවස උසස් සුරාබදු නිලධාරියකු හට අයිති බවත්ය. තවද පාසිකුඩා ප්‍රදේශයේ සුරාබදු වැටලීමකට ගිය සුරාබදු නිලධාරීන්ට වැටලීම සිදුනොකර නැවත පැමිණෙන ලෙස තවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පවසා ඇති බව ඒ මහතා පවසා තිබේ. මේ පිලිබදව ස්වාධීනව සොයා බලන ලෙස මන්ත්‍රී වරයා දැනුම් දී තිබේ.