හොර PHI පොලිසියට මාට්ටු.

ඊයේ (19) දින රඹුක්කන පොලීසියේ නිලධාරීන් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනීසිටි  පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

ඒ  ඊයේ (19) දින රඹුක්කන පොලීසිය වෙත රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්කණ්ඩායමක් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි.

 පොලිසිය ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු 29 හැවිරිදි දික්පිටිය, අරණායක ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව වාර්තාවේ.

වාර්තාවන ආකාරයට අත්අඩංගුවට ගත් සැකකරු රඹුක්කන නගරයේ වෙළෙඳසැලකට ගොස් එම ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීයා ලෙස පෙනී සිටිමින් වෙළෙඳ සැලෙන් මුදල් ඉල්ලා සිට තිබේ. එම  අවස්ථාවේදී වෙළෙඳසැල් සේවකයන් හට ඔහු ගැන ඇතිවූ සැකය මත  ඔහු අල්ලා පොලිසිය වෙත භාරදී ඇත.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ  රඹුක්කන පොලීසිය සිදුකරන අතර සැකකරු  අද (20) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version