මෙම වසරේ ගත වූ මාස 6 ක පමණ කාලය තුල ලැබී ඇති ළමා අපයෝජන පැමිණිලි වලින් රත්නපුර දිස්ත්රික්කය 4 වැනි ස්ථානයට පැමිණ තිබේ. මෙම කාලය තුල සමස්ත පැමිණිලි 4700 ක් පමණ ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබේ.
මේ පැමිණිලි අතර බරපතල ලෙස ලිංගික අපයෝජන සිදුවීම් පැමිණිලි 391ක් , ස්ත්රී දූෂණ 23 ක් , දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම් 1370 ක් සහ දරුවන් කෲර වධහිංසනයන්ට ලක් කිරීම් පිළිබද පැමිණිලි 1370 ක් පමණද ලැබී තිබේ. කොලඹ, ගම්පහ, කළුතර, කුරුණැගල සහ රත්නපුර යන දිස්ත්රික් වලින් වැඩිම වශයෙන් මෙසේ වාර්තා වී තිබෙන බව ද ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදීත විධානපතිරන මහතා ප්රකාශ කරන ලදී.
ඒ අනුව පිලිවෙලින් කොලඹ 508, ගම්පහ 438 , කුරුණැගල 384, රත්නපුර 337, කළුතර 262, ලෙස වාර්තා වී තිබේ.
ඒ මහතා වැඩි දුරටත් දැනුම් දුන්නේ දරුවෙකුට යම් කිසි අතවරයක්, කරදරයක් , අමානුෂික හෝ කෲර වධහිංසනයන්ට ලක් වන්නේ නම් 1929 ළමා උපකාරක සේවයට දැනුම් දෙන ලෙසය.
රාවණ සටහන
සමස්ත ලංකාව තුල වාර්තාගත නොවන ළමා අපරාධ මීට වැඩි විය හැකිය. ගණිකා වෘත්තීයේ යෙදුනු ලාබාලතම දැරිවිය වාර්තා වුනේද රත්නපුර දිස්ත්රික්කයෙනි. ඒ මීට අවුරුදු කිහිපයකට පෙරය. එසේම මේ වන විට රත්නපුර දිස්ත්රික්කය විශාල පාරිසරික විනසයකටද ලක් වෙමින් තිබෙන අතර, ජනතාව අතරද අපරාධ බහුල වෙමින් තිබෙන බව පැහැදිලිය. කෙසේ වුවද රත්නපුර වැනි වටිනා දිස්ත්රික්කයක මේ අයුරින් සමාජ, ආර්ථික සහ පාරිසරික විනාශයන්ට ලක් වීම පිලිබදව රත්නපුර දිස්ත්රික්කයේ සියලු වැසියන්ගේ අවධානයට යොමු විය යුතුය. ඒ පිලිබදව ජනතාව කනගාටුවට පත් විය යුතුය.