අද ලෝක ළමා දිනයයි. ළමා අපයෝජන කෙසේ වෙතත් එවන් දෙයක් සිදු වූ විට සාක්ෂිකරුවන් සහ වින්දිතයන් පවා ආරක්ෂා කරගැනීමට නොහැකි ශ්‍රී ලංකාවක් අපට මේ වන විට උදා වී තිබේ. එයට හේතුව නම් දූෂිතයන් රජ වීමයි. රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පති ළමයෙකු අපයෝජනය කිරීමක් පිලිබඳව පසු ගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ වන විට එම දරුවාට සහ සාක්ෂි දුන් ගුරුවරයාට එරෙහිව විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය කටයුතු කරන බව අපට වාර්තා වී තිබේ.
එසේම රත්නපුර පොලිස් ස්ථානාධිපතිගේ පුත්‍රයා යන්නේ මෙම පාසලට බවද, රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලඥයෙකු මෙම සිද්ධිය යටගැසීමට බලපෑම් කර තිබෙන බවද කියා වේ. කෙසේ වෙතත් එම පුද්ගලයාගෙන් විවිධ අපයෝජනවලට ලක් වූ දරුවන් 7 දෙනෙකු ළමා ආරක්ෂක අධිකාරිය මගින් සොයාගෙන තිබෙන බවද, ඉදිරි පරීක්ෂණ කරගැනීමට ඉඩ නොදෙමින් මෙසේ බලපෑම් කර තිබෙන බවද අපට ලැබී තිබෙන සාක්ෂි වලින් දක්නට තිබේ. එසේම එම සිද්ධියට මුහුණ දුන් දරුවාට මෙන්ම නිවසියන්ටද එරෙහිව විවිද අකටයුතුකම් කරන බවද අප සතුව පැහැදිලි සාක්ෂි තිබේ. එසේම එම විදුහල්පතිවරයාට එරෙහිව අඩුම තරමින් විනය පරීක්ෂණයක්වත් පවත්වා නැති අතර ඔහු පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා තිබෙන අතර එම ස්ථානයේ සිට මෙසේ විවිද පුද්ගලයන් ලවා බලපෑම් කරවන බවද කිය වේ.
කෙසේ වුවත් එම විදුහල්පතිවරයාට තමන්ගේ නිවැරදිභාවය ඔප්පු කිරීම සදහා අවස්ථාවක් තිබෙන බැවින් දරුවන්ගේ කටයුතු මෙසේ යට ගැසීමෙන් සිදුවන්නේ අනාගත පරපුර පාලනය කරගැනීමට වැඩිහිටියන් වන අපටද නොහැකි බවයි. සාක්ෂිකරුවන් සහ වින්ධිතයන් අරක්ෂා කරගනිමින් නීතිය නිසිලෙස ක්‍රියාත්මක නවන්නේ නම් ඉන් සිදුවන්නේ නිසිබලධාරීන්ගේ දරුවන්ට පවා මෙරට ජීවත් වීමට නොහැකි වන බවයි.
එබැවින් නිසි සාක්ෂි මත මෙම විදුහල්පතිගේ ක්‍රියාවට එරෙහිව කටයුතු කල යුතු අතර යට ගැසීමට ඉඩ දීමෙන් සිදුවන්නේ සමාජය තව දුරටත් පීඩා විදීම පමණි.