මෙම වසරේ ගත වූ මාස 6 ක පමණ කාලය තුල ළමා අපයෝජන පැමිණිලි 4700 ක් පමණ ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබේ.
මේ පැමිණිලි අතර බරපතල ලෙස ලිංගික අපයෝජන සිදුවීම් පැමිණිලි 391ක් , ස්ත්රී දූෂණ 23 ක් , දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම් 1370 ක් සහ දරුවන් කෲර වධහිංසනයන්ට ලක් කිරීම් පිළිබද පැමිණිලි 1370 ක් පමණද ලැබී තිබේ. කොලඹ, ගම්පහ, කළුතර, කුරුණැගල සහ රත්නපුර යන දිස්ත්රික් වලින් වැඩිම වශයෙන් මෙසේ වාර්තා වී තිබෙන බව ද ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදීත විධානපතිරන මහතා ප්රකාශ කරන ලදී.
ඒ මහතා වැඩි දුරටත් දැනුම් දුන්නේ දරුවෙකුට යම් කිසි අතවරයක්, කරදරයක් , අමානුෂික හෝ කෲර වධහිංසනයන්ට ලක් වන්නේ නම් 1929 ළමා උපකාරක සේවයට දැනුම් දෙන ලෙසද වැඩි දුරටත් දැනුම් දෙන ලදී.