ඌව පළාත් සභාව මගින් පාලනය වන බණ්ඩාරවෙල ළමා නිවාසයක සේවිකාවන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවෙයි.
එම ළමා නිවාසය තුළ දෙමාපිය රැකවරණයක් ද නොමැතිව අසරණව සිටින වයස අවුරුදු 5ට අඩු දරුවන් 35 දෙනෙකු සිටින බව වාර්තාවෙයි.
පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ළමා නිවාසයේ සෙසු සේවකයින් හෙට(15) දිනයේ කොවිඩ් පරීක්ෂණයකට යොමු කිරීමට තීරණය කර ඇත.