ළමුන්ගේ නිවාඩුව හෙටින් නිමයි.

රට තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සියල්ල නිවාඩු ලබා දීමට කටයුතු කරන ලදී.

කෙසේ නමුත් හෙට (12) දිනෙන් එම පාසල් නිවාඩුව අවසන් වන අතර යළි පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

පසුගිය සිකුරාදා (09) දිනයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කරන ලදී.

මේ වන විට එම තත්ත්වය යම්තාක් දුරකට පහව ගොස් ඇති බැවින් මෙසේ පාසල් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත.

Exit mobile version