වයස අවුරුදු 13ක් වන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයක ස්ථානාධිපතිනියගේ දියණිය නිවස තුළදී අපයෝජනයට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරිය දුම්මලසූරිය පොලිසිය භාරයට ගෙන ඇත.
එම දැරිය දුම්මලසූරිය පොලිසිය භාරයට ගෙන ඇත්තේ 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත ඇයගේ මිත්තණියගේ නිවසේදී ය.
කෙසේ නමුත් එම දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවම පොලිසිය සඳහන් කළේය.
මේ අතර එම ළමා හා කාන්තා කාර්යංශ ස්ථානාධිපතිනියගේ සැමියා මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලබා බන්ධනාගාර ගතව පසුවන බව සඳහන් වේ.
කරන ලද විමර්ශනවලදී මේ වන විට අනාවරණය වී ඇත්තේ එම නිලධාරිනියගේ අනියම් සැමියා විසින් මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇති බවත් පසුව ඒ බව දැනගැනීමෙන් අනතුරුව දියණියව දුම්මලසූරිය ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසේ නතර කර ඇති බවයි.
රටේ ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමට පත්කර සිටින මෙම නිලධාරීන්ට සිය පවුල හෝ ආරක්ෂා කර ගැනීමට සහ පාලනය කර ගැනීමට නොහැකි පසුබිමක රටේ අනෙක් කාන්තාවන්ගේ සහ ළමුන්ගේ ගැටලු විසඳීමට වගකීම් භාර දී තිබීම හාස්‍යයට කරුණකි.
බොහෝ අවස්ථාවලදී මෙවැනි කාර්යංශයන්හි සේවය ලබාදීමට ප්‍රථම ආදාළ පුද්ගලයාගේ පවුල් පසුබිම ආදිය සොයා බලන බව පවසයි.එය එසේ වන්නේ ද යන්න අප හරියාකාරව නොදන්නා කරුණක් වුවත් මෙවැනි සිදුවීම් හමුවේ අපට ද ඒ පිළිබඳ සැකපහල වනු ඇත.
කෙසේ නමුත් අනියම් සැමියෙක් සොයා යාමට ප්‍රථම තමන්ට සිටින්නේ දියණියක් ය යන්න මවක් වශයෙන් ප්‍රථමව සිතා බැලිය යුතුව ඇත.අද සමාජය තුළ පියා හෝ විශ්වාස කළ නොහැකි පසුබිමක අනියම් සැමියෙකුගේ ඇසුරට දියණියක් යොමු කිරීම කිසිසේත් සුදුසු නොවනු ඇත.
මෙවැනි ගැටලු හේතුවෙන් රටේ තවත් පුංචි මල් කැකුළු කොපමණ විනාශවන්නේ ද.එවැනි සැඟවී ඇති සිදුවීම් ඕනෑ තරම් මේ සමාජ තුළ තිබිය හැක.