ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ හෙට (22) දිනයේ තවත් ෆයිසර් කොවිඩ් මර්දන මාත්‍රා තොගයක් දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇති බවයි.
එය ලක්ෂ 15ක තොගයක් බව සඳහන් වේ.
එමෙන් ම අනිද්දා (23) දිනයේ දී ද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 04ක තොගයක් ද දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
එමෙන් ම රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෆයිසර් ආයතනය විසින් එළඹෙන දෙසැම්බර් මස සිට සෑම සතියකම මෙරටට එන්නත් මාත්‍රා ලක්ෂ 30 බැගින් ලබා දීමට ද එකඟතාවය පලකර ඇති බවයි.