ෆයිසර් සඳහා ලෝක බැංකුවෙන් ණය

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 හදිසි ප්‍රතිචාර දැක්වීමට හා සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතියට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 100ක් අතිරේඛ ණය මුදලක් වශයෙන් ලබා දීමට එකඟතාවයකට පැමිණ ඇති බව පළ කර ඇත.

මෙම ණය මුදල උපයෝගී කරගනිමින් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට සහ අවශ්‍ය අනෙක් එන්නත් ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අතිරේක මූල්‍යයන පහසුකම ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව  බවයි වාර්තා වන්නේ.

කොවිඩ් කාර්ය සාධක බළකාය තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 60%ක් එන්නත් කිරීමේ මූලික ඉලක්කය පුළුල් කිරීමටය.

Exit mobile version