ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටි කාලයේදී නෙදර්ලන්තය පරිත්‍යාග කළ සුඛෝපභෝගී රථයක් පෞද්ගලික පරිහරණයට යොදාගනිමින් රජයට රුපියල් ලක්ෂ 10 ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිට එරෙහි නඩුව යළි ලබන 29 වනදා කැඳවීමට මහාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
මහාධිකරණ විනිසුරු ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඉදිරියේ එය අද (05) කැඳවූ අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේ මන්ත්‍රීවරයාගේ ඇඟිලි සළකුණු ලබාගෙන යළි වාර්ථාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
එහිදී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා ඉල්ලා අස්කරගන්නා ලෙස තමන් ලිඛිතව පසුගිය මස 16 වනදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කළ බවයි.
ඒ සම්බන්ධයෙන් සළකා බලන බව පවසමින් එම කොමිසන් සභාව පසුගිය විසි හතරවනදා තමන් වෙත පිලිතුරු ලිපියක්ද එවා තිබූ බවට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.