මේ වන විට ෆින්ලන්ත අගමැතිනි සන්නා මරින් සාදයක් තුළ විනෝද වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතින අතර එය දැඩි කතාබහකට ලක්ව ඇත.
ආර්ථික අර්බුද රැසක් පවතින කාල වකවානුවක් තුළ ඇය මෙසේ විනෝද වීම පාර්ශව රැසක දැඩි දෝශාරෝපණයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ෆින්ලන්තයේ ප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු මිතුරු මිතුරියන් සමඟ ෆින්ලන්ත අගමැතිනිය විනෝද වෙමින් කාලය ගතකරන අයුරු වන අතර මෙම වීඩියෝව සංසරණය වීම සමග ඇයට විරුධ පක්ෂ රැසකින් දැඩි විවේචන එල්ලව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විපක්ෂයේ එක් සාමාජිකයෙකු සඳහන් කර ඇත්තේ ඇයව මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතු බවයි.
කෙසේ නමුත් මේ සඳහා ප්‍රතිචාර දක්වමින් අගමැතිනිය ප්‍රකාශ කර ඇත්තේ ඇය මත්ද්‍රව්‍ය භාවිතා නොකරන බවත්, ඇය මත්පැන් පමණක් පානය කළ බවත්, එම සාදයේ දී තමන් ගයමින් විනෝද වීම පමණක් සිදු කළ බවත් එය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල ක්‍රියාවක් බවත් ය.
ෆීන්ලන්ත අගමැතිනි සන්නා මරීන් ප්රකටව සිටින්නේ ලොව ලාබාලතම අගමැතිනිය වශයෙනි.