ෆේස්බුක් ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වේ

පරිශීලකයන් බිලියන 03කට ආසන්න පිරිසක් සිටින ෆේස්බුක් ලොව විශාලම සමාජ මාධ්‍ය ජාලය බවට පත්ව ඇත.

එහෙත් මේ වන විට එහි දෛනික පරිශීලකයින් ප්‍රමාණය අඩුවෙමින් පවතින බව අනාවරණය වී ඇත.

ෆේස්බුක් හි දෛනික ක්‍රියාකාරී පරිශීලකයින් මෙසේ අඩු වීමට පටන්ගෙන ඇත්තේ වසර 18කට පසුව පළමු වරට බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

2021 වර්ෂයේ අවසන් කාර්තුවේ දී දෛනික ක්‍රියාකාරී පරිශීලකයින් ගණන බිලියන 1.929ට අඩු වී ඇති බව ෆේස්බුක් සමාගමේ මව් සමාගම වන මෙටා නෙට්වර්ක්ස් ප්‍රකාශ කර ඇත.

2020 වර්ෂයේ අවසන් කාර්තුවේ ද එම අගය බිලියන 1.930ක් ලෙස දැක්විය.

ටික්ටොක් සහ යූටියුබ් හේතුවෙන් මෙසේ ආදායම අඩුවන බව ද එහි සඳහන්ව ඇත.

අදාළ පුවත පලවීමත් සමග නිව් යෝර්ක් කොටස් වෙළඳපොළෙහි මෙටා සමාගමේ කොටස් මිල 20%කින් අඩුවී ඇති අතර සමාගමේ කොටස් වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 200කින් පමණ කඩාවැටී ඇති බව වාර්තා වේ.

එහි ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කළේ විශේෂයෙන්ම තරුණ පිරිස් අනෙකුත් සමාජ මාධ්‍ය ජාල වෙත යොමුවීම හේතුවෙන් මෙටා සමාගමේ වෙළඳ ආදායම අඩුවෙමින් පවතින බවයි.

Exit mobile version