ෆොන්සේකා හමුදාවට අණ දෙයි. රනිල්ගේ නියෝග ක්‍රියාත්මක කරන්න එපා.


ඔහු එම නියෝගය කර තිබෙන්නේ , සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමිනි. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

නීතිගරුක විනයගරුක දේශප්‍රේමී රණවිරුවනි,

” අනීතිකව ජනාධිපතිදූරයේ බලතල අත්පත් කරගෙන වැඩබලන ජනාධිපති ලෙස තමන් විසින්ම තමා හදුන්වාගනිමින් රනිල් වික්‍රමසිංහ විසින් ලබාදෙන අනීතික ව්‍යවස්ථා විරෝධී නියෝග පිලිපැදීමෙන් වලකින ලෙස හිටපු හමුදාපතිවරයෙක් ලෙසත් වර්තමාන ෆීල්ඩ් මාර්ෂල් ලෙසත් මම ඔබට ආයාචනා කරමි.

වෙඩි තැබීමේ නියෝග නිකුත් කල බවට මේවන විට ජනතාව තුල රාවයක් පැතිර යමින් පවතින අතර ත්‍රිවිධ හමුදාව සහ රටේ සාමාන්‍ය නිරායුද සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නිර්මානය වීමේ බරපතල අවධානමක් මතුවෙමින් පවතී.

කිසි ලෙසකින්වත් නීතිගරුක විනයගරුක හමුදාවක් ලෙස සාමාන්‍ය සිවිල් නිරායුධ වැසියන් ඉලක්ක කර වෙඩි තැබීමෙන් වලකින ලෙසත් ඔබගේ අවි දූශිත දේශපාලකයොන්ට එරෙහි ඔසවන ලෙසත් මම යලි යලිත් අවධාරණය කරමි.

මේ මොහොතේ මමත් අරගල භූමියේ රැදී සිටින අතර ජනතාව සමග ඉදිරිපෙල සිටිමින් ජනතා අරගලයේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවද අවධාරණය කරමි.”

Exit mobile version