‌ගෝලීය ආහාර පද්ධති වඩාත් තිරසර පරිවර්තනයකට සියලුමදෙනා එක්වී කටයුතු කළ යුතුයි – ජනපති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ ගෝලීය ආහාර පද්ධති වඩාත් තිරසර පරිවර්තනයකට ගෙන ඒම වැදගත් කරුණක් වන අතර ඒ සඳහා සියලුම පාර්ශවකරුවන් එක්වී කටයුතු කිරීම කළයුතු බවත්, තිරසර ආහාර පද්ධති යනු ශ්‍රී ලංකාවේ සාරවත් සමාජ සංස්කෘතික හා ආර්ථික උරුමයේ කොටසක් බවත් ය.

 එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ඊයේ (23) දිනයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුව අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් දක්වා ඇති අතර මෙවර මෙම සමුළුවේ තේමාව වී ඇත්තේ “අපට අවශ්‍ය අනාගතය සඳහා වූ පියවර වේගවත් කිරීම” යන්නයි.

පරිසරයට මෙන් ම ජනතාවගේ සෞඛ්‍යයට ද විශාල අයහපත් බලපෑමක් එල්ල කරන කෘමිනාශක සහ වල් නාශක ආදිය තහනම් කිරීමට තම රජය විසින් මෑතක දී ගන්නා ලද ක්‍රියාමාර්ගය තිරසර සංවර්ධනය පිළිබඳව වූ රාජ්‍ය ප්‍රතිපත්තියේ වැදගත්  සංදිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකි බව ජනපතිවරයා විසින් මෙම සමුළුවේ දී සඳහන් කර ඇත.

 එසේ ම ජනාධිපතිවරයා විසින් ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබාදෙන තාක්ෂණික සහාය අගය කළ අතර අනෙකුත් විද්‍යාත්මක ආයතනවලින් හා ගෝලීය සංවිධානවලින් ලැබෙන සහය ද එහිදී අගය කර ස්තූතිය පිරිනමා ඇත.

Exit mobile version