⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)


ලෝකයේ හොඳම ගම්මිරිස් ලෙස ශ්‍රී ලංකාවේ ගම්මිරිස් නමක් දිනා ඇත . එයින්ද හොඳම ගම්මිරිස් ඇත්තේ රත්නපුර කොළොන්න ප්‍රදේශයේය.


කොළොන්න ගම්මිරිස් වගාවට ගොවීන් හඳුනා නොගත් රෝගයක් බෝවීම වීම නිසා මේ වන විට වගාව විනාශ වෙමින් පවතී.


කොළොන්න මහායාය ප්‍රදේශයේ මෙම විනාශය ඉතා සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතී. වැල් කහපාට වී කරල් හැලී ගම්මිරිස් වැල් පුරුක් වලින් වැටී මැරී යන බව ගොවීන් ප්‍රකාශ කරයි. මේ පිළිබඳව අදාල බලධාරීන් දැනුවත් කළත් පලක් වී නොමැති බව ගොවීන් පවසයි. රෝගය ව්‍යාප්ත වීමට පටන්ගෙන මාසයක් පමණ වන බවත් බලධාරීන්ගෙන් කිසිඳු වූ පිළිතුරක් ඔවුන්ට නොලැබුණු බවත් ඔවුන් පවසයි.

කොළොන්න ප්‍රදේශයේ ගම්මිරිස් අක්කර පනස් දහසකට වැඩි ප්‍රමාණයක් ඇති බවද පැවැසෙන අතර, ගම්මිරිස් වගාවට වැලදී ඇති මෙම රෝගයට අපනයන කෟෂිකර්ම නිලධාරීන් සොයා බලා ප්‍රතිකර්මයක් නොදුනහොත් කොළොන්නේ ගම්මිරිස් වගාව මේ රෝගය හේතුවෙන්ම විනාශ වී යා හැකි බව ගොවීන් පවසයි. වීඩියෝ පහතින්.


https://youtu.be/cn_ucE4VXGw?si=LL-Q0BweXZts-jOW

Exit mobile version