වත්මන් පාලකයන් විසින් රට තුළ පවතින ප්රජාතන්ත්රවාදය ක්රමක්රමයෙන් මරා දමමින් සිටින බව ශ්රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
එහි හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.
ඔහු පෙන්වා දී තිබෙන්නේ පාලකයින් විසින් අධිකරණය බියගන්වමින්, ආයතන පද්ධතිය දුර්වල කරමින්, විවිධ මර්දනකාරී අණ පනත් සම්මත කරගනිමින් තුළ ප්රජාතන්ත්රවාදය දුර්වල කරමින් සිටින බවයි.
එමෙන්ම නීතිපතිවරයාගේ ක්රියා කලාපය සම්බන්ධයෙන් ද බරපතල ගැටලුවක් මතු වී ඇති බව ද ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා මෙහිදී සඳහන් කර තිබීම විශේෂත්වයක්.
https://youtu.be/uwls1E9O8Dc?si=FJpqrcGmjBWkZM5h