අද (15) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ මහා සම්මේලනයට යම් ප්‍රහාරයක් එල්ලවීමේ සූදානමක් ඇතැයි බුද්ධි අංශ වෙත වාර්තා වී තිබෙන බවත්, ඒ අනුව කොළඹ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබෙන බවත් වාර්තා වේ.
අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, එවැනි ප්‍රහාරයක් හෝ යම් ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා අණින් වහාම කොළඹ නගරයේ ආරක්ෂාව තර කල බවයි.
ඒ අනුව ඊයේ (14) රාත්‍රියේ සිට කොළඹ අවට මාර්ග වලට සහ සුගතදාස ග්රහස්ථ ක්‍රීඩාංගනය අවට විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර තිබේ.
එමෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ද ඊයේ පස්වරුවේ විශේෂ දුරකථන සංවාදයක් පැවති බවටත් වාර්තා වේ.
ඒ අතර මෙම සම්මේලනය වෙනුවෙන් කොඩි සිටවීම ආදි කටයුතු කිරීමේදී මහජන දේපල විනාශ කරන ආකාරයද දක්නට ලැබිනි.
එම සැරසිලිවල නිරතවන බොහෝ සේවකයන් රාජ්‍ය සේවකයන් බවද ඒ වෙනුවෙන් යොදාගෙන තිබුනේ රජයේ වාහන බවද වාර්තා වී තිබේ.
රට මෙතරම් විනාශයට පත්ව තිබියදීත්, තවමටත් මහජන පීඩාව ඔවුන්ට නොතේරීම රටේ මිනිසුන්ගේ තේරීමේ ප්‍රතිඵලය වේ.