පානදුර වෙරළ තීරයේ දියනාමින් සිටි පිරිසක් අතරින් 6 දෙනෙකු දිය වැලකට හසු වී ගසාගෙන යමින් සිටියදී පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් බේරාගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ අවුරුදු 16ත් 21ත් අතර වයසැති පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් තිදෙනෙකු ය.
මෙම දරුවන්ගේ දිවි බේරාගැනීමට සමත්ව ඇත්තේ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් වන 69951 පුෂ්පකුමාර හා 93731 දේශාන් යන නිලධාරින් දෙදෙනා විසිනි.
ඊයේ (04) සවස් කාලයේ මෙම දරුවන් දියවැලට හසු වූ අවස්ථාවේ මෙම නිලධාරින් දෙදෙනා එකතුව මෙම දරුවන් වෙරළට රැගෙනවිත් වහාම මූලික ප්රථමාධාර ලබා දී දරුවන්ව ඥාතීන් වෙත භාර දී තිබේ.
මෙලෙස අනතුරට මුහුණ දී ඇත්තේ රත්නපුර ප්රදේශයේ පදිංචි පිරිසක් බවට පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.