බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
“දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කණ්ඩායම් 06ක් දැනට විශේෂයෙන් පත්කරලා තියෙනවා. මූලිකවම දකුණු පළාත් අපරාධ කොට්ඨාසය, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා යටතේ වෙනම කණ්ඩායමක්, බෙලිඅත්ත පොලිස් කණ්ඩායමක්, කොට්ඨාස භාර නිලධාරීයා විසින් කොට්ඨාසයෙන් ලබාගත් නිලධාරීන්ගෙන් තවත් කණ්ඩායමක්, බුද්ධි නිලධාරීන්ගෙන් එම කණ්ඩායම් සමන්විතයි”