09 පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරයට සූදානම්

09 පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය හෙට (18) විවෘත කිරීමට සියලු කටයුතු සූදානම්ව ඇත.

පෙරවරු 10.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජාසන කතාව පැවැත්වීමට නියමිතව ඇත.

මෙම කටයුතු ඉතා චාම් අයුරින් සැලසුම් කර ඇති අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වෙත කැඳවාගෙන යාම වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී, සහකාර වේත්‍රධාරීවරයා, කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් සිදු කෙරේ.

එහි දී පාර්ලිමේන්තුවේ ප්‍රධාත ද්වාරය ඉදිරියේ දී සිසුසිසුවියන් පිරිසක් විසින් ජය මංගල ගාථා ගායනා කිරීමට ද නියමිතව ඇත.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් රාජාසන කතාව සිදුකරන අතර ඉන්පසුව සභාව කල්තැබේ.

සභාව කල්තැබීමේ අවස්ථාවෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරාධිත අමුත්තන් වෙත තේ පැන් සංග්‍රහයක් ද සංවිධානය කර ඇති බව පාර්ලිමේන්තුවෙන් වාර්තා වේ.

මෙම අවස්ථාවට විදේශ රාජතාන්ත්‍රිකයින්, හිටපු ජනාධිපතිවරුන්, හිටපු අග්‍රාමාත්‍යවරුන් මෙන්ම අගවිනිසුරුවරුන් ,උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වේ.

Exit mobile version