09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (18) ඉතා චාම් උත්සවයක් ද සමග විවෘත කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙ.ව.10.00 රාජාසන කතාව ඉදිරිපත් කිරීමට සූදානම්ව ඇත.

පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ජනපතිගේ රාජාසන කතාවෙන් අනතුරුව සභාව කල්තැබීමට නියමිතව ඇති බවයි.

එමෙන් ම අද දිනයේ පාර්ලිමේන්තුව වෙත පැමිණෙන මාධ්‍යවේදීන් සහ විවිධ සේවාවන් සැපයීම සඳහා පැමිණෙන්නන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු වේත්‍රධාරී ප්‍රකාශ කළේ ආරාධිත අමුත්තන් ඇතුළු පිරිස් ද එන්නත්කරණ කාඩ්පත රැගෙන පැමිණීම අනිවාර්ය බවයි.

Exit mobile version