සංචාරකයින්ගෙන් ඩොලර් බිලියන 1.75 ක ආදායමක්.

මෙම වර්ෂය අවසානයේදී සංචාරකයින් ලක්ෂ 15ක් දිවයිනට ගෙන්වා ගැනීමට හැකි වන බව සංචාරක සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරනු ලැබුවේ නොවැම්බර් මස අවසාන වන විට ලක්ෂ දොළහකට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි.

එමෙන්ම සංචාරකයින්ගේ පැමිණීම හේතුවෙන් රුපියල් බිලියන 1.75 ක ආදායමක් නොවැම්බර් මස අවසානයේදී උපයා ගැනීමට හැකි වී ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී .

Exit mobile version