ලබන වර්ෂයේදී අලුතින් කෝපි වගා කරන හෙක්ටයාරක් සඳහා රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ .
ඒ අනුව ලබන වර්ෂයේදී හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර ඇති අතර ඊට වෙන්කර තිබෙන මුදල රුපියල් මිලියන 400 ක් බව සඳහන් .
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ මෙරටදී ප්‍රධාන වැවිලි භෝගයක් ලෙස කෝපි වගා
නොකළද මෙරට කෝපි සම්බන්ධව විදේශ වෙළෙඳපළේ ඇති ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගෙන කෝපි වගාව යළි වැවිලි භෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ අරමුණින් කෝපි වගා හෙක්ටයාරයක් සඳහා රුපියල් මිලියනයක මුදලක් ලබාදෙන බවත් , අරාබිකා කෝපි , රොබස්ටා කෝපි , ලයිබරිකා කෝපි යන කෝපි විශේෂ මෙරට වගා කෙරෙන බවත් ය.
ඉන් අරාබිකා කෝපි ඉතාමත් ජනප්‍රියම කෝපි විශේෂය බවත්, එය වගා කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන ලදී .