තරුණ සිත් ගන්න කෝටි 10ක් වෙන් කරලා.

තරුණයින් ගොවිතැනට ආකර්ෂණය කර ගැනීමේ වැඩ සටහන් සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

2024 වර්ෂයේ සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3000ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර එයින් මිලියන 1000ක් මේ සඳහා වෙන් කෙරෙනු ඇති.

ගොවිතැනට කැමති තරුණයින් 1000ක් තෝරාගෙන ඔවුන්ට රුපියල් මිලියනය බැගින් දී අපනයනය ඉලක්ක කර ගත් වගාවන් සඳහා යොමු කරන ලෙසට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇති බව වාර්තා වේ.

ලබන වසරේ දී ප්‍රධාන බෝග හතරකට ප්‍රමුඛත්වය ලබා දී වගා කෙරෙන අතර ඊට වී, බඩඉරිඟු, මිරිස් සහ අර්තාපල් අයත් වන බවට අමාත්‍යවරයා පවසා තිබේ.

Exit mobile version