බස් රථ අනතුරකින් 10ක් රෝහලේ.

අද (20) අලුයම වෙන්නප්පුව – නයිනමඩම පාලම මත දී  බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් 10 දෙනෙකු තුවාල ලබා මාරවිල මූලික රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් කොළඹ සිට පුල්මුඩේ දක්වා ධාවනය වන බස් රථයකි.

මෙම බස් රථය පාලම මතදී එකවර ලිස්සා ගොස් ආරක්ෂිත වැටේ ගැටී ඇති අතර ඒත් සමඟම පිටුපසින් පැමිණි ලොරි රථය බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ.

රෝහල් ගත කළ පිරිස අතරේ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ද වන බව සඳහන්. අනතුරින් බස් රථයට සහ ලොරි රථයට හානි සිඳු වී ඇති අතර වෙන්නප්පුව පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක සිඳු කරයි.

Exit mobile version