නයිජීරියාවේ නයිජර් ගංගාවේ මගී ප්‍රවාහන යාත්‍රාවක් ගිලී යාමෙන් 100 යට අධික පිරිසක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
එම පිරිස විවාහ උත්සවයකට සහභාගීවී ක්වාරා ප්‍රාන්තයේ සිට නයිජර් ප්‍රාන්තය දක්වා නයිජර් ගංගාව යාත්‍රාවකින් තරණය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි සදහන් වන්නේ.
පසුගිය සඳුදා වාර්තා වී තිබූ එම අනතුර සිදුවන විට යාත්‍රාවේ 300 කට අධික පිරිසක් සිටි බවත් තවත් විශාල ගණනක් අතුරුදන්ව ඇති බවත් සඳහන්වේ.
එරට බලධාරීන් පවසා ඇත්තේ අනතුරට ලක්වූ තවත් පිරිස් සොයා මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවය.